සිංහල හා හින්දු අලුත් අවුරුදු නැකැත් සීට්ටුව
නව සඳ බැලීම
අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු මස 30 වන ඉරිදා දින ද අභිනව සූර්ය වර්ෂය සඳහා මැයි මස 01 වන බ්‍රහස්පතින්දා දින ද නව සඳ බැලීම මැනවි.
පරණ අවුරුද්ද සඳහා ස්නානය
අප්‍රේල් මස 13 වන ඉරිදා දින දිවුල්පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.
අලුත් අවුරුදු උදාව
අප්‍රේල් මස 14 වන සඳුදා දින පූර්වභාග 03.21 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.
පුණ්‍ය කාලය
අප්‍රේල් මස 13 වන ඉරිදා අපරභාග 8.57 සිට පසුදින එනම් 14 වන සඳුදා පූර්වභාග 9.45 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 13 වන ඉරිදා අපරභාග 8.57 ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත් වල යෙදීම ද පුණ්‍ය කාලයේ අපර කොටස, එනම් අප්‍රේල් මස 14 වන සඳුදා පූර්වභාග 3.21 සිට 14 වන සඳුදා පූර්වභාග 9.45 දක්වා පහත දැක්වෙන අයුරින් ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකත් වාරිත්‍ර විධි ඉටු කිරීම මැනවි.
ආහාර පිසීම
අප්‍රේල් මස 14 වන සඳුදා පූර්වභාග 04.04 ට තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ළිප් බැඳ ගිනි මොළවා කිරිබතක් ද කැවිලි වර්ගයක් ද දී කිරි සහ විලඳ ද පිළියෙල කරගැනීම මැනවි.
වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය
අප්‍රේල් මස 14 වන සඳුදා පූර්වභාග 06.44 ට මුතු හා ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම මැනවි.
හිසතෙල් ගෑම
අප්‍රේල් මස 16 වන බදාදා පූර්වභාග 09.04 ට පච්ච හෙවත් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොළොන් පත් ද තබා කොහොඔ පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මැනවි.
රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම
අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා පූර්වභාග 09.03 ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කිරි බතක් ද එළකිරි මිශ්‍ර කැවිලි වර්ගයක් අනුභව කර උතුරු දිශාව බලා පිටත්ව යෑම මැනවි.
පැළ සිටුවීම
අප්‍රේල් මස 18 වැනි සිකුරාදා පූර්වභාග 10.16 ට විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පැළ සිටුවීම මැනවි.