Skip to main content

"ලැබුවා වූ සිංහල හා හින්දු නව වසර ඔබේ සිතුම් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා"



සිංහල හා හින්දු අලුත් අවුරුදු උදාවට, තව

දින
පැය
විනාඩි
තත්පර


ඇහැලියගොඩ කාර්යයාලය හැර වෙනත් කිසිඳු ස්ථානයක අපගේ ශාඛා නොමැත.


සිංහල හා හින්දු අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

 

සිංහල හා හින්දු අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

 නව සඳ බැලීම 

අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු මස 20 වන සිකුරාදා දින  අභිනව සූර්ය වර්ෂය සඳහා අප්‍රේල් මස 19 වන ඉරිදා දින  නව සඳ බැලීම මැනවි. 


පරණ අවුරුද්ද සඳහා ස්නානය 


අප්‍රේල් මස 13 වන සඳුදා දින දිවුල්පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි. 



අලුත් අවුරුදු උදාව 


අප්‍රේල් මස 14 වන අඟහරුවාදා දින පූර්වභාග 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි. 



පුණ්‍ය කාලය 


අප්‍රේල් මස 14 වන අඟහරුවාදා පූර්වභාග 03:08 සිට එමදා අපරභාග 03:56 දක්වා පුණ්‍ය කාලය බැවින් ඊට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත් වල යෙදීම  ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකත් වාරිත්‍ර විධි ඉටු කිරීම මැනවි. 



ආහාර පිසීම


අප්‍රේල් මස 14 වන අඟහරුවාදා පූර්වභාග 10:51 ට රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ළිප් බැඳ ගිනි මොළවා කිරිබතක්  කැවිලි වර්ගයක්  දී කිරි සහ විලඳ  පිළියෙල කරගැනීම මැනවි. 



වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය 


අප්‍රේල් මස 14 වන අඟහරුවාදා අපරභාග 12:06 ට රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම මැනවි. 


හිසතෙල් ගෑම 


අප්‍රේල් මස 15 වන බදාදා පූර්වභාග 06:55 ට පච්ච හෙවත් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත්  පයට කොළොන් පත්  තබා කොහොඔ පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මැනවි. 



රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම 


අප්‍රේල් මස 20 වන සඳුදා පූර්වභාග 06:27 ට ස්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී කිරි බතක්  එළකිරි මිශ්‍ර කැවිලි වර්ගයක් ද අනුභව කර දකුණු දිශාව බලා 


හෝ,


අප්‍රේල් මස 20 වන සඳුදා පූර්වභාග 06:50 ට මුතු හා ස්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී ගිතෙල් හා තල මිශ්‍ර කිරි බතක්  දීකිරි සහ අග්ගලා සමග කැවිලි වර්ගයක් ද අනුභව කර නැගෙනහිර දිශාව බලාපිටත්ව යෑම මැනවි. 


පැළ සිටුවීම 


අප්‍රේල් මස 23 වැනි බ්‍රහස්පතින්දා පූර්වභාග 09:01 ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා පැළ සිටුවීම මැනවි. 






Popular posts from this blog

රාහු කාලය හා මරු සිටින දිශාව

 රාහු කාලය ඉරිදා - 4.30 - 6.00 දක්වා සදුදා  - 7.30 - 9.00 දක්වා අඟහරුවාදා - 3.00 - 4.30 දක්වා බදාදා - 12.00 - 1.30 දක්වා  බ්‍රහස්පතින්දා - 1.30 - 3.00 දක්වා සිකුරාදා  - 10.30 - 12.00 දක්වා  සෙනසුරාදා - 9.00 - 10.30 දක්වා   (මෙම වේලාවන් යොදා තිබෙන්නේ උදේ 6.00 ට ඉර උදාවෙතැයි සලකා හෙයින් දිනපතා ඉර උදාව අනුව වේලාව සකස්කර ගත යුතුය. මෙම කාලය තුල කෙබඳුම හෝ වැඩක යෙදීම අයෝග්‍ය වේ.) මරු සිටින දිශාව ඉරිදා - උතුර සදුදා - වයඔ               අඟහරුවාදා - බස්නාහිර බදාදා - නිරිත බ්‍රහස්පතින්දා - දකුණ  සිකුරාදා  - ගිණිකොණ සෙනසුරාදා - නැගෙනහිර 

2025 ශිෂ්‍යත්ව විභාගය සඳහා පිටත්වීමට ශුභ හෝරාවන්

  ජය ශ්‍රී ක්‍රිස්තු වර්ෂ 2025 ක් වූ අගෝස්තු මස 10 වන ඉරු දින පෙරවරු 06:23 , 06:47 , 07:11 , 07:47 , 08:11 යන හෝරාවන් ශුභ හෝරාවන් වේ. ශුභ දිශාව දකුණ වන අතර මෙයින් තමන්ට අවශ්‍ය පරිදී හෝරාවක් තෝරාගෙන දණුකු කකුල පෙරට තබා ශිෂ්‍යත්ව විභාගය සඳහා පිටත්වීම ශුභයි.                                                                                                                                           සිද්ධි රසතු - ශුභ මස්තු