පුණ්‍ය කාලය ආරම්භය
බක් මස 14 වන ගුරු දින පූර්වභාග 2 විනාඩි 17 යි තත්පර 17 ට පුණ්‍ය කාලය ආරම්භ වේ.
අළුත් අවුරුදු උදාව
බක් මස 14 වන ගුරු දින පූර්වභාග 8 විනාඩි 41 යි තත්පර 17 ට සිංහල අළුත් අවුරුද්ද උදා වේ.
ආහාර පිසීම
බක් මස 14 වන ගුරු දින පූර්වහාග 9 විනාඩි 05 ට රන්වන් පැහැති වස්ත්‍රාභරනයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැද ගිනි මොළවා දී කිරි, මිශ්‍ර කිරිබතක් ද උදුපිටි මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිලියෙල කර ගැනීම මැනවි.
වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම, ආහාර අනුභවය
බක් මස 14 වන ගුරු දින පූර්වභාග 10 විනාඩි 17 ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගණුදෙනු කර ආහාර අනුභව කිරීම මැනවි.
පුණ්‍ය කාලය අවසානය
බක් මස 14 වන ගුරු දින අපරභාග 3 විනාඩි 05 යි තත්පර 17 න් පුණ්‍ය කාලය අවසන් වේ.