Skip to main content

Posts


"ලැබුවා වූ සිංහල හා හින්දු නව වසර ඔබේ සිතුම් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා"





ඇහැලියගොඩ කාර්යයාලය හැර වෙනත් කිසිඳු ස්ථානයක අපගේ ශාඛා නොමැත.


2024 ශිෂ්‍යත්ව විභාගය සඳහා පිටත්වීමට ශුභ හෝරාවන්

  ජය ශ්‍රී ක්‍රිස්තු වර්ෂ 2024 ක් වූ සැප්තැම්බර් මස 15 වන ඉරු දින පෙරවරු 06:20 , 06:43 , 07:08 , 07:43 , 08:07 හෝ 08:20 යන හෝරාවන් ශුභ හෝරාවන් වේ. ශුභ දිශාව නැගෙනහිර වන අතර මෙයින් තමන්ට අවශ්‍ය පරිදී හෝරාවක් තෝරාගෙන දණුකු කකුල පෙරට තබා ශිෂ්‍යත්ව විභාගය සඳහා පිටත්වීම ශුභයි.                                                                                                                                           සිද්ධි රසතු - ශුභ මස්තු

ශිෂ්‍යත්ව විභාගය සඳහා පිටත්වීමට ශුභ හෝරාවන්

  ජය   ශ්‍රී ක්‍රිස්තු   වර්ෂ  2023  ක්   වූ   ඔක්තෝම්බර්     මස  15  වන   ඉරුදින   පෙරවරු  06:40 , 07:03 , 07:40 , 08:03 , 08:15  යන   හෝරාවන්  ශුභ   හෝරාවන්   වේ .  ශුභ   දිශාව   දකුණ   වන   අතර   මෙයින්   තමන්ට   අවශ්‍ය   පරිදී   හෝරාවක්   තෝරාගෙන   දකුණු   කකුල  පෙරට   තබා   ශිෂ්‍යත්ව   විභාගය   සඳහා   පිටත්වීම   ශුභයි .                                                          සිද්ධි   රසතු  -  ශුභ   මස්තු

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා පිටත්වීමට ශුභ හෝරාවන්

2023/05/29 වන දින පෙ.ව. 06:23 හෝ 06:47 ට දකුණු දිශාව බලා  2023/05/30 වන දින පෙ.ව. 06:12 හෝ 06:36 ට නැගෙනහිර දිශාව බලා  2023/05/31 වන දින පෙ.ව. 06:12 හෝ 07:24 ට උතුරු  දිශාව බලා  2023/06/01 වන දින පෙ.ව. 06:06 / 06:12 හෝ 7:12 ට නැගෙනහිර දිශාව බලා  2023/06/02 වන දින පෙ.ව. 06:01 / 06:36 හෝ 7:12 ට උතුරු දිශාව බලා  2023/06/05 වන දින පෙ.ව. 06:24 හෝ 06:48 ට දකුණු දිශාව බලා  2023/06/06 වන දින පෙ.ව. 06:12 / 06:37 හෝ 7:12 ට උතුරු දිශාව බලා  2023/06/07 වන දින පෙ.ව. 06:14 හෝ 7:24 ට නැගෙනහිර දිශාව බලා  2023/06/08 වන දින පෙ.ව. 06:12 හෝ 7:12 ට නැගෙනහිර දිශාව බලා                                     තුණුරුවන් සිහිකර දකුණූ කකුල පෙරට තබා නිවසින් පිටත්වීමට ශුභයි.

සිංහල හා හින්දු අලුත් අවුරුදු නැකත් සීට්ටුව

නව සඳ බැලීම අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මැදින් මස 23 වන ගුරු දින ද, අභිනව සූර්ය වර්ෂය සඳහා බක් මස 23 වන රිවි දින ද නව සඳ බැලීම මැනවි.  පරණ අවුරුද්ද සඳහා ස්නානයට බක් මස 12 වෙනි බුධ දින කොහොඹපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.  පුණ්‍ය කාලය ආරම්භය බක් මස 14 වන කිවි දින පූර්ව භාග 08 විනාඩි 35 ට පුණ්‍ය කාලය ආරම්භ වේ. අළුත් අවුරුදු උදාව බක් මස 14 වන කිවි දින අපර භාග 02 විනාඩි 59 යි ට සිංහල අළුත් අවුරුද්ද උදා වේ. ආහාර පිසීම බක් මස 14 වන කිවි දින අපර හාග 03 විනාඩි 29 ට විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරනයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැද ගිනි මොළවා දී කිරි, මිශ්‍ර කිරිබතක් ද තල හා විළඳ මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිලියෙල කර ගැනීම මැනවි.  වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම, ආහාර අනුභවය බක් මස 14 වන කිවි දින අපර භාග 05 විනාඩි 05 ට විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගණුදෙනු කර ආහාර අනුභව කිරීම මැනවි. පුණ්‍ය කාලය අවසානය බක් මස 14 වන කිවි දින අපර භාග 09 විනාඩි 23 න් පුණ්‍ය කාලය අවසන් වේ. හිසෙතල් ගෑම බක් මස 16 වන රිවි දින පූර්ව භාග 09 වින...

ශිෂ්‍යත්ව විභාගය සඳහා පිටත්වීමට ශුභ හෝරාවන්

ජය ශ්‍රී ක්‍රිස්තු වර්ෂ 2022 ක් වූ දෙසැම්බර් මස 18 වන ඉරුදින පෙරවරු 06:57 , 07:21 , 07:57 , 08:21 , 08:33 යන හෝරාවන් ශුභ හෝරාවන් වේ. ශුභ දිශාව නැගෙනහිර වන අතර මෙයින් තමන්ට අවශ්‍ය පරිදී හෝරාවක් තෝරාගෙන දණුකු කකුල පෙරට තබා ශිෂ්‍යත්ව විභාගය සඳහා පිටත්වීම ශුභයි.                                                                                                                                          සිද්ධි රසතු - ශුභ මස්තු  

සිංහල හා හින්දු අළුත් අවුරුදු නැකැත් සීට්ටුව

  පුණ්‍ය කාලය ආරම්භය               බක් මස 14 වන ගුරු දින පූර්වභාග 2 විනාඩි 17 යි තත්පර 17 ට පුණ්‍ය කාලය ආරම්භ වේ. අළුත් අවුරුදු උදාව             බක් මස 14 වන ගුරු දින පූර්වභාග 8 විනාඩි 41 යි තත්පර 17 ට සිංහල අළුත් අවුරුද්ද උදා වේ. ආහාර පිසීම             බක් මස 14 වන ගුරු දින පූර්වහාග 9 විනාඩි 05 ට රන්වන් පැහැති වස්ත්‍රාභරනයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැද ගිනි මොළවා දී කිරි, මිශ්‍ර කිරිබතක් ද උදුපිටි මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිලියෙල කර ගැනීම මැනවි.  වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම, ආහාර අනුභවය             බක් මස 14 වන ගුරු දින පූර්වභාග 10 විනාඩි 17 ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගණුදෙනු කර ආහාර අනුභව කිරීම මැනවි. පුණ්‍ය කාලය අවසානය                බක් මස 14 වන ගුරු දින අපරභාග 3 විනාඩි 05 යි තත්පර 17 න් පුණ්‍ය කාලය අවසන් වේ. හිස...

සම්බන්ද වීම සඳහා

  අප හා සම්බන්ද වන්න දුරකතන අංකය    - 036 2257978 Whatsapp අංකය  - 076 9926307 E-mail - shanthabhawana@gmail.com ලිපිනය- 3/8, ශාන්ත භවන, රෝහල පාර, ඇහැලියගොඩ.