Skip to main content

Posts


ශාන්ත භවන ජ්‍යෝතිෂ්ය විද්‍යායතනය

"ලැබුවා වූ සිංහල හා හින්දු නව වසර ඔබේ සිතුම් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා"





ඇහැලියගොඩ කාර්යයාලය හැර වෙනත් කිසිඳු ස්ථානයක අපගේ ශාඛා නොමැත.


Recent posts

සිංහල හා හින්දු අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

සිංහල හා හින්දු අලුත් අවුරුදු නැකැත් සීට්ටුව   නව සඳ බැලීම   අභිනව චන්ද්‍ර   වර්ෂය සඳහා මාර්තු මස 30 වන ඉරිදා දින ද අභිනව සූර්ය වර්ෂය සඳහා මැයි මස 01 වන බ්‍රහස්පතින්දා දින ද නව සඳ බැලීම මැනවි .   පරණ අවුරුද්ද සඳහා ස්නානය   අප්‍රේල් මස 13 වන ඉරිදා දින දිවුල්පත් යුෂ මිශ්‍ර   නානු   ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි .   අලුත් අවුරුදු උදාව   අප්‍රේල් මස 14 වන සඳුදා දින පූර්වභාග 03.21 ට  සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි .   පුණ්‍ය කාලය   අප්‍රේල් මස 13 වන ඉරිදා අපරභාග 8.57 සිට පසුදින එනම් 14 වන සඳුදා පූර්වභාග 9.45 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 13 වන ඉරිදා අපරභාග 8.57 ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත් වල යෙදීම ද පුණ්‍ය කාලයේ අපර කොටස , එනම් අප්‍රේල් මස 14 වන සඳුදා පූර්වභාග 3.21 සිට 14 වන සඳුදා පූර්වභාග 9.45 දක්වා පහත දැක්වෙන අයුරින් ආහාර පිසීම,   වැඩ ඇල්ලීම,   ගනුදෙනු කිරීම හ...